1. 1. 4.
බාහිරානිච්ච සූත්‍රය
4. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය ය, යමෙක් අනිත්‍යවේ නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
සද … ගඳ … රස … පහස් … දහම් අනිස ය, යමෙක් අනිස වේ නම් එය දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මෙ මම නො වෙමි, මෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු රූපයෙහි දු කලකිරෙයි, ශබ්දයෙහි දු කලකිරෙයි, ගඳෙහි දු කලකිරෙයි, රසෙහි දු කලකිරෙයි, පහස්හි දු කලකිරෙයි, දහම්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ’යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනි යි.
1. 1. 5.
බාහිරදුක්ඛ සූත්‍රය
5. සැවැත්නුවර–
මහණෙනි, රූ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි මෙ මම නො වෙමි. මෙ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.
සද .... ගඳ ... පහස් ... දහම් දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
1. 1. 6.
බාහිරානත්ත සූත්‍රය
6. සැවැත්නුවර–
මහණෙනි, රූ අනත් ය, යමෙක් අනත් වේ නම් එය ‘මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
සද … ගඳ … රස … පහස් … දහම් අනත් ය, යමක් අනත් වේ නම් එය ‘මේ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනි යි.
1. 1. 7.
දුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය
7. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් ඇසෙහිත් නිරපේක්‍ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.