9. 1. 7.
අන්නදායක අණ්ඩජ සූත්රය
398. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ; වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්රත්ය කවරැ යත්:
මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ සුපර්ණයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි; “මම කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ අහර දෙයි ..
9. 1. 8.
පානදායක අණ්ඩජ සූත්රය
399. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
9. 1. 9.
වත්ථදායක අණ්ඩජ සූත්රය
400. ... වස්ත්ර දෙයි. ... පැමිණේ.
9. 1. 10.
යානදායක අණ්ඩජ සූත්රය
401. ... වහන් දෙයි. ... පැමිණේ.
9. 1. 11.
මාලදායක අණ්ඩජ සූත්රය
402. ... මල් දෙයි. ... පැමිණේ.
9. 1. 12.
ගන්ධදායක අණ්ඩජ සූත්රය
403. ... ගඳ දෙයි. ... පැමිණේ.
9. 1. 13.
විලේපනදායක අණ්ඩජ සූත්රය
404. ... විලෙවුන් දෙයි. ... පැමිණේ.
9. 1. 14.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
405. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
9. 1. 15.
අවස්ථදායක අණ්ඩජ සූත්රය
406. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.