1. සුපණ්ණ වර්ගය
9. 1. 1.
සුද්ධික සූත්රය
392. සැවැත්නුවර:
මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ ය යි. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
9. 1. 2.
හරන්ති සූත්රය
393. සැවැත්නුවර:
මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ යයි.
මහණෙනි, ඔවුනතුරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් හැරගනිත්. ජලාබුජ නාගයන් නො හැරගනිති. සංසේදජ නාගයන් නො හැර ගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද හැරගනිත්. සංසේදජ නාගයන් නො හැරගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි සංසේදජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද හැරගනිති. ඕපපාතික නාගයන් නො හැරගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද, ඕපපාතික නාගයන් ද හැරගනිත්. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
9. 1. 3.
ද්වයකාරී සූත්රය
394. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹැ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එ කවර හෙයිනැ, කවර ප්රත්යයෙනැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ ගුරුළෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළන්ගේ සහවාසයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ, මේ ප්රත්යයැ යි වදාළ සේක.
9. 1. 4-6.
දුතිය, තතිය, චතුත්ථ ද්වයකාරී සූත්ර
395-397. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙලොව එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ... සංසේදජ සුපර්ණයන්ගේ ... ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්රත්යය කවරැ යත්.
මහණ, මෙලොව එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්ණයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ මේ ප්රත්යය යි වදාළ සේක.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ මේ ප්රත්යය යි වදාළ සේක.
9. 1. 7.
අන්නදායක අණ්ඩජ සූත්රය
398. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ; වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්රත්ය කවරැ යත්:
මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ සුපර්ණයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි; “මම කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ අහර දෙයි ..