9. 1. 12.
ගන්ධදායක අණ්ඩජ සූත්රය
403. ... ගඳ දෙයි. ... පැමිණේ.
9. 1. 13.
විලේපනදායක අණ්ඩජ සූත්රය
404. ... විලෙවුන් දෙයි. ... පැමිණේ.
9. 1. 14.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
405. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
9. 1. 15.
අවස්ථදායක අණ්ඩජ සූත්රය
406. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
9. 1. 16.
පදීපෙය්යදායක අණ්ඩජ සූත්රය
407. ... පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්රත්යය යි.
9. 1. 17-36.
අන්නදායකාදි ජලාබුජ සසේදජ සූත්ර
408-427. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ යි. ... සංසේදජ සුපර්ණයන්ගේ ... පැමිණේ.
9. 1. 37.
අන්නදායක ඕපපාතික සූත්රය
428. ... ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ...
මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්ණයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුව බහුලහ” යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ අහර දෙයි ...
9. 1. 38.
පානදායක ඕපපාතික සූත්රය
429. ... බොන දෑ දෙයි ...
9. 1. 39.
වත්ථදායක ඕපපාතික සූත්රය
430. ... වස්ත්ර දෙයි ...
9. 1. 40.
යානදායක ඕපපාතික සූත්රය
431. ... වහන් දෙයි ...