8. 1. 6.
චතුත්ථ උපෝසථ සූත්රය
347. සැවැත්නුවර:
එකත්පස්ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ”යි?.
මහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයන්ට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි කයින් (කුසල් අකුසල් විසින් ) දෙකක් කරන්නමෝ වූම්හ, වදනින් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අපි අද කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනාගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
මහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්රත්යය යි.
8. 1. 7.
සුත සූත්රය
348. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: “වහන්ස මෙහි, ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ”යි.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වදනින් දෙකක් කරණසුලු සිතින් දෙකක් කරන සුලු වෙයි. “අණ්ඩජ නාගයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, මෙහි ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්රත්යය යි.
8. 1. 8.
දුතිය සුත සූත්රය
349. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්රත්යය කිමෙක් දැ”යි
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වෙයි ...