8. 1. 47.
විලේපනදායක ඕපපාතික සූත්‍රය
388. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 48.
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
389. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 49.
අවස්ථදායක ඕපපාතික සූත්‍රය
390. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 50.
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
391. ... පහන් උපකරණ දෙයි. ... කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
(මේ පෙය්‍යාලය සමග විස්තර වශයෙන් දශසූත්‍ර කෙනෙකි. සිවු යෝනීන්හි සූත්‍ර සතලිසක් විස්තර කටයුතු යි. සුද්ධික සූත්‍ර දශයෙකි. මුළුල්ල සූත්‍ර පනසෙක් වේ.)
පළමුවැනි නාග වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
සුද්ධික සූත්‍රය, පණීතතර සූත්‍රය, උපෝසථ සූත්‍ර සතර ය, සුචරිතයෙන් යුත් සුත සූත්‍ර සතර ය යන සූත්‍ර දශක ය, දනෝපකාර සූත්‍ර දශක සතර ය, හෙවත් අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, අණ්ඩජසූත්‍ර දශක ය.
අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක ජලාබුජ සූත්‍ර දශක ය,
අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවස්ථ, පදීපෙය්‍යදායක, සංසේදජ සූත්‍ර දශක ය,
අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, ඕපපාතික සූත්‍ර දශක යයි නාග වර්‍ගයෙහි සූත්‍ර පනසෙකි.
නාග සංයුත්තය නිමියේ යි.