8. 1. 41.
අන්නදායක ඕපපාතික සූත්රය
382. ... ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් ... මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් ඕපපාතික නාගයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ , සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 42.
පානදායක ඕපපාතික සූත්රය
383. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 43.
වත්ථදායක ඕපපාතික සූත්රය
384. ... වස්ත්ර දෙයි. ... පැමිණේ.
8. 1. 44.
යානදායක ඕපපාතික සූත්රය
385. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 45.
මාලදායක ඕපපාතික සූත්රය
386. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 46.
ගන්ධදායක ඕපපාතික සූත්රය
387. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 47.
විලේපනදායක ඕපපාතික සූත්රය
388. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 48.
සෙය්යදායක ඕපපාතික සූත්රය
389. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 49.
අවස්ථදායක ඕපපාතික සූත්රය
390. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 50.
පදීපෙය්යදායක ඕපපාතික සූත්රය
391. ... පහන් උපකරණ දෙයි. ... කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
(මේ පෙය්යාලය සමග විස්තර වශයෙන් දශසූත්ර කෙනෙකි. සිවු යෝනීන්හි සූත්ර සතලිසක් විස්තර කටයුතු යි. සුද්ධික සූත්ර දශයෙකි. මුළුල්ල සූත්ර පනසෙක් වේ.)
පළමුවැනි නාග වර්ග යි.