8. 1. 17.
විලේපන දායක අණ්ඩජ සූත්රය
358. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 18.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
359. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 19.
අවස්ථදායක අණ්ඩජ සූත්රය
360. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 20.
පදීපෙය්යදායක අණ්ඩජ සූත්රය
361. ... පහන් උපකරණ දෙයි. ... හේ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්රත්යය යි.
8. 1. 21-40.
අන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්ර
362-381. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්ය දැ යි.
මහණ, මෙහි ඇතැමෙක් ... සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
8. 1. 41.
අන්නදායක ඕපපාතික සූත්රය
382. ... ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් ... මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් ඕපපාතික නාගයෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ , සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 42.
පානදායක ඕපපාතික සූත්රය
383. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 43.
වත්ථදායක ඕපපාතික සූත්රය
384. ... වස්ත්ර දෙයි. ... පැමිණේ.
8. 1. 44.
යානදායක ඕපපාතික සූත්රය
385. ... වහන් දෙයි. ... පැමිණේ.