8. 1. 10.
චතුත්‍ථ සුත සූත්‍රය
351. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණසුලු වදනින් දෙකක් කරණ සුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. ... හෙ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
8. 1. 11.
අන්නදායක අණ්ඩජ සූත්‍රය
352. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ”යි.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙතෙමේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 12.
පානදායක අණ්ඩජ සූත්‍රය
353. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 13.
වත්‍ථදායක අණ්ඩජ සූත්‍රය
354. ... වත් දෙයි. ... පැමිණේ.
8. 1. 14.
යානදායක අණ්ඩජ සූත්‍රය
355. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 15.
මාලදායක අණ්ඩජ සූත්‍රය
356. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 16.
ගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය
357. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 17.
විලේපන දායක අණ්ඩජ සූත්‍රය
358. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 18.
සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
359. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 19.
අවස්ථදායක අණ්ඩජ සූත්‍රය
360. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.