7. 1. 2.
අවිතක්ක සූත්රය
333. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම විතර්කවිචාරයන්ගේ ව්යුපශමයෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්යානයට එළැඹ වෙසෙමි.
ඇවැත්නි, ඒ මට “මම ද්විතීයධ්යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්යානයට සමවන්මි”යි හෝ “මම ද්විතීයධ්යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි.
එ එසේ මැ යි, ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන් විසින් දීර්ඝ රාත්රියෙහි අභිඞ්කාර මමිඞ්කාරමානනුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: “මම ද්විතීයධ්යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වේ.
7. 1. 3.
පීති සූත්රය
334. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මුබවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ යි.
ඇවැත්නි, මෙහි මම ප්රීතියෙහි ද නො ඇල්මෙන් උපේක්ෂා ඇත්තෙම් ද වෙසෙමි. සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද කයින් සුවත් විඳිමි. ආර්ය්යයෝ “උපේක්ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුවවිහරණ ඇත්තේ”යයි ඒ යමකට කියත් නම් ඒ තෘතීය ධ්යානයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙම් වෙමි”යි හෝ යි.
7. 1. 4.
උපෙක්ඛා සූත්රය
335. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ”යි.
ඇවැත්නි, මෙහි මම සුඛයාගේ ද ප්රහාණයෙන් දුක්ඛයාගේ ද ප්රහාණයෙන් කැල ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති නො දුක් නොසුව වූ චතුර්ත්ථධ්යානයට එළැඹ වෙසෙමි. ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්රය
336. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... “වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම රූපසංඥාවන් සර්වප්රකාරයෙන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ම සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්රය
337. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ. ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ” යි.
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්රය
338. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ... ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්රය
339. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ...
ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ... නැගී සිටියෙමි යි හෝ යි.