5. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
314. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම ය.
මහණෙනි, චක්ඛුවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 4.
ඵස්ස සූත්‍රය
315. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 5.
වේදනා සූත්‍රය
316. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක්ව්‍යුපශමයෙක් වේ නම් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 6.
සඤ්ඤා සූත්‍රය
317. සැවැත්නුවර:
මහණෙනි, රූපසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම ය.
මහණෙනි, රූපසංඥායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍මසංඥායෙහි යම් නිරෝදයක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 7.
චේතනා සූත්‍රය
318. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූප සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍ම සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 8.
තණ්හා සූත්‍රය
319. සැවැත්නුවර:
මහණෙනි, රූපතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධම්මතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධම්මතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි. ….
5. 1. 9.
ධාතු සූත්‍රය
320. සැවැත්නුවර:
මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, පඨවීධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
321. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක්, බිහිවීමෙක්, පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයෙහි පහළවීම ය. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් වේ නම් … ජරාමරණයෙහි පහළවීම යි.