5. උප්පාද සංයුත්තය
1. උප්පාද වර්‍ගය
5. 1. 1.
චක්ඛු සූත්‍රය
312. සැවැත්නුවර:
මහණෙනි, ඇස පිළිබඳ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුක්හි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි. කන පිළිබඳ යම් … නැහැය පිළිබඳ යම් ... දිව පිළිබඳ යම් … කය පිළිබඳ යම් … සිත පිළිබඳ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහි වීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කන පිළිබඳ යම් නිරෝධයෙක් … නැහැය පිළිබඳ යම් යම් නිරෝධයෙක් ... දිව පිළිබඳ යම් නිරෝධයෙක් … කය පිළිබඳ යම් නිරෝධයෙක් … සිත පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 2.
රූප සූත්‍රය
313. සැවැත්නුවර:
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්ද යන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපැත්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ, රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ. රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරා මරණයෙහි අස්තඞ්ගමය යි.
5. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
314. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම ය.
මහණෙනි, චක්ඛුවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 4.
ඵස්ස සූත්‍රය
315. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 5.
වේදනා සූත්‍රය
316. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක්ව්‍යුපශමයෙක් වේ නම් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 6.
සඤ්ඤා සූත්‍රය
317. සැවැත්නුවර:
මහණෙනි, රූපසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම ය.
මහණෙනි, රූපසංඥායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍මසංඥායෙහි යම් නිරෝදයක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.