5. 1. 10.
ඛන්ධ සූත්රය
321. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක්, බිහිවීමෙක්, පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයෙහි පහළවීම ය. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් වේ නම් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයෙහි යම් නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් … නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
පළමුවැනි උප්පාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා යන ඒ සූත්රයෝ ධාතු ඛන්ධ සූත්ර දෙකින් දශයෙක් වෙති.
උප්පාද සංයුත්තය නිමියේ යි.