4. 1. 4.
ඵස්ස සූත්රය
305. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සෝතසම්ඵස්සය … ඝානසම්ඵස්සය … ජිව්හාසම්ඵස්සය ... කායසම්ඵස්සය … මනෝසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා නම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ යයි කියනු ලැබේ.
4. 1. 5.
වේදනා සූත්රය
306. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
4. 1. 6.
සඤ්ඤා සූත්රය
307. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤාව අනිස ය. වෙනස් වනසුලු ය. ‘අන්පරිදි වනසුලු ය සද්දසඤ්ඤාව ... ගන්ධසඤ්ඤාව … රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව අනිස යැ. වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
4. 1. 7.
චේතනා සූත්රය
308. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සද්දසඤ්චේතනාව ... ගන්ධසඤ්චේතනාව … රසසඤ්චෙතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චෙතනාව අනිස යැ. වෙනස් වනසුලු ය අන්පරිදි වනසුලුයි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ යයි.
4. 1. 8.
තණ්හා සූත්රය
309. සැවැත්නුවර:
මහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
4. 1. 9.
ධාතු සූත්රය
310. සැවැත්නුවර:
මහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.