4. 1. 5.
වේදනා සූත්‍රය
306. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
4. 1. 6.
සඤ්ඤා සූත්‍රය
307. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤාව අනිස ය. වෙනස් වනසුලු ය. ‘අන්පරිදි වනසුලු ය සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව … රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව අනිස යැ. වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
4. 1. 7.
චේතනා සූත්‍රය
308. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව … රසසඤ්චෙතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චෙතනාව අනිස යැ. වෙනස් වනසුලු ය අන්පරිදි වනසුලුයි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ යයි.
4. 1. 8.
තණ්හා සූත්‍රය
309. සැවැත්නුවර:
මහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්‍ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
4. 1. 9.
ධාතු සූත්‍රය
310. සැවැත්නුවර:
මහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.