3. 4. 1-25.
වාත සූත්රය
276-300. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “වාතයෝ නො හමති. ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්රසව නො කෙරෙති, සඳහිරු නො උදාවෙති, නො පහ ව යෙති, ඉන්ද්රකීලයන් මෙන් සිටියාහ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්රසව නො කෙරෙති, සඳහිරුහු නො උදාවෙති, නො පහව යෙති, ඉන්ද්රකීලයන් මෙන් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්ද්රකීලයන් මෙන් සිටියාහ”යි.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ ද? වෙනස් වන සුලු නම් “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ යම් කිසි රූපයක් වේ නම්, … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
(සූත්ර පස්විස්ස විස්තර කටයුතු යි.)
3. 4. 26.
අදුක්ඛමසුඛී සූත්රය
301. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නොදුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි.
වහන්ස, අනිත්ය ය. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ? යි
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්ය හෝ වේ ද අනිත්ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට සුදුසු දැ යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, එහෙයින් මෙහිලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි රූපයක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා වූ ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
සිවුවැනි චතුත්ථ ගමන වර්ග යි.