3. 2. 5.
නත්‍ථි දින්න සූත්‍රය
228. සැවැත්නුවර:
… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)
3. 2. 6.
කරොතො සූත්‍රය
229. සැවැත්නුවර:
... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 7.
නත්‍ථි හේතු සූත්‍රය
230. සැවැත්නුවර:
… සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත, හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්, … අභිජාති සයෙහි ම සුවදුක් විඳිති”යි ... විඳිති යි (මෙබඳු දෘෂ්ටියක් උපදී)
3. 2. 8.
මහාදිට්ඨි සූත්‍රය
231. සැවැත්නුවර:
… “නො කරන ලද නො කළ විධාන ඇති,මේ සත් කයෙකි … සුවදුක්, ගෙවමින් විඳිති”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 9.
සස්සතලෝක සූත්‍රය
232. සැවැත්නුවර:
… “ලෝකය ශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය ශාශ්වත යයි -(මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 10.
අසස්සතලෝක සූත්‍රය
233. සැවැත්නුවර:
… “ලෝකය අශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අශාශ්වත යයි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 11.
අන්තවත්ලෝක සූත්‍රය
234. සැවැත්නුවර:
… “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 12.
අනන්තවත්ලෝක සූත්‍රය
235. සැවැත්නුවර:
… “ලෝකය අනන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය අනන්තවත් යයි.