3. 2. 25.
සුඛ දුක්ඛී අත්තා සූත්‍රය
248. සැවැත්නුවර:
… ආත්මය සුවදුක් ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 26.
අදුක්ඛමසුඛ අත්තා සූත්‍රය
249. සැවැත්නුවර:
… “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ දැ” යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ?යි.
වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ” යයි මෙබඳු දෘෂ්ටියක් උපදී. ...
දෙවෙනි ගමන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
වාත, එතං මම, සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි දින්න, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍රය ය,
සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තත්ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත, යන සූත්‍ර සතරය,
රූපී අත්තා සූත්‍රය, එසේම අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා යැ,.
ඒකන්තසුඛී අත්තා එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය. අනෙක් අදුක්ඛමසුඛීඅත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ දෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.