3. 2. 2.
එතං මම සූත්රය
225. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ… මේ මාගේ ආත්මය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
(පළමු සූත්ර දශය යම් සේ නම් එමෙන් විස්තර කටයුතු යි).
3. 2. 3.
සො අත්තා සූත්රය
226. සැවැත්නුවර:
… ‘ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්යයෙමි, ධ්රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි”යි …
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … වෙනස් වන සුල්ලෙමි’යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 4.
නො ච මෙ සියා සූත්රය
227. සැවැත්නුවර:
… “ඉදින් මම නො වන්නෙම් නම් පස්කඳ මට නො ද වන්නේ ය. (මතු) ද (මම) නො වන්නෙම් නම් (මතු) ද මට පස්කඳ නො වන්නේ ය යි. … මතු මට පස්කඳ නොවන්නේ ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 5.
නත්ථි දින්න සූත්රය
228. සැවැත්නුවර:
… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)
3. 2. 6.
කරොතො සූත්රය
229. සැවැත්නුවර:
... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 7.
නත්ථි හේතු සූත්රය
230. සැවැත්නුවර:
… සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්රත්යයෙක් නැත, හේතු රහිත ව ප්රත්යය රහිත ව සත්ත්වයෝ කෙලෙසෙත්, … අභිජාති සයෙහි ම සුවදුක් විඳිති”යි ... විඳිති යි (මෙබඳු දෘෂ්ටියක් උපදී)
3. 2. 8.
මහාදිට්ඨි සූත්රය
231. සැවැත්නුවර:
… “නො කරන ලද නො කළ විධාන ඇති,මේ සත් කයෙකි … සුවදුක්, ගෙවමින් විඳිති”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 9.
සස්සතලෝක සූත්රය
232. සැවැත්නුවර:
… “ලෝකය ශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය ශාශ්වත යයි -(මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 10.
අසස්සතලෝක සූත්රය
233. සැවැත්නුවර:
… “ලෝකය අශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අශාශ්වත යයි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 11.
අන්තවත්ලෝක සූත්රය
234. සැවැත්නුවර:
… “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 12.
අනන්තවත්ලෝක සූත්රය
235. සැවැත්නුවර:
… “ලෝකය අනන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය අනන්තවත් යයි.