3. 2. 19.
රූපී අත්තා සූත්රය
242. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ”යි? …
දුක් නම් වෙනස් වන සුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
“වේදනාව … “සංඥාව … “සංස්කාරයෝ … “විඥානය නිත්ය ද? හෝ අනිත්ය ද? හෝ යි …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යයි.
3. 2. 20.
අරූපී අත්තා සූත්රය
243. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප නැත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
(ඒ පෙය්යාලය ම විස්තර කටයුතු යි)
3. 2. 21.
රූපී ච අරූපී ච අත්තා සූත්රය
244. සැවැත්නුවර:
… ආත්මය රූප ඇත්තේත් රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි …
3. 2. 22.
නේව රූපී නාරූපී අත්තා සූත්රය
245. සැවැත්නුවර:
… ආත්මය නො ම රූප ඇත්තේත් නො ම රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 23.
ඒකාන්තසුඛී අත්තා සූත්රය
246. සැවැත්නුවර:
… “ආත්මය එකැතින් සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 24.
ඒකාන්ත දුක්ඛී අත්තා සූත්රය
247. සැවැත්නුවර:
… ආත්මය එකැතින් දුක් ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි.
3. 2. 25.
සුඛ දුක්ඛී අත්තා සූත්රය
248. සැවැත්නුවර:
… ආත්මය සුවදුක් ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 26.
අදුක්ඛමසුඛ අත්තා සූත්රය
249. සැවැත්නුවර:
… “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ දැ” යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …