3. 1. 9.
සස්සත සූත්‍රය
214. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය ශාශ්වත යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය, ඇසුරු කොට විඥානයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ. …
දුක්, නම් වෙනස් වනසුලු, නම් එය නො ඇසුරු කොට ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද ද, අසන ලද ද, සුඹුනා-විඳුනා-පහස්නා ලද ද’ දන්නා ලද ද පැමිණෙන ලද ද, සොයන ලද ද, සිතින් හැසිරෙන ලද ද, හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ …
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය ශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි? “
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
3. 1. 10.
අසස්සත සූත්‍රය
215. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය, ඇති කල්හි රූපය, ඇසුරු කොට රූපයට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය ය ...