3. 1. 10.
අසස්සත සූත්‍රය
215. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය, ඇති කල්හි රූපය, ඇසුරු කොට රූපයට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය ය ...
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය ද හෝ? අනිත්‍ය ද හෝ යි?
වහන්ස, අනිත්‍ය යැ …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි
වහන්ස, මෙය නො වේ ම යැ.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබෙයි.
3. 1. 11.
අන්තවත් සූත්‍රය
216. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ලෝකය අන්තවත් (කෙළවර සහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස, ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ‘රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි”?
වහන්ස, අනිත්‍ය යැ …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? … දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ ‘සෝතාපන්න’ ය යි කියනු ලැබේ යි.