3. 1. 11.
අන්තවත් සූත්රය
216. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ලෝකය අන්තවත් (කෙළවර සහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස, ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ‘රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි”?
වහන්ස, අනිත්ය යැ …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි? … දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ ‘සෝතාපන්න’ ය යි කියනු ලැබේ යි.
3. 1. 12.
අනන්තවත් සූත්රය
217. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘ලෝකය අනන්තවත් (කෙළවර රහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? ‘අනිත්ය හෝ වේ දැ?” යි
වහන්ස, අනිත්ය ය …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි … එය නො ඇසුරු කොට ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ යි?
වහන්ස, මෙය නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 13.
තත් ජීව තත් ශරීර සූත්රය
218. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භාග්යවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘එමැ ජීවය ය, එමැ ශරීරය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.