3. 1. 12.
අනන්තවත් සූත්රය
217. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘ලෝකය අනන්තවත් (කෙළවර රහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? ‘අනිත්ය හෝ වේ දැ?” යි
වහන්ස, අනිත්ය ය …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි … එය නො ඇසුරු කොට ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ යි?
වහන්ස, මෙය නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 13.
තත් ජීව තත් ශරීර සූත්රය
218. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භාග්යවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘එමැ ජීවය ය, එමැ ශරීරය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු දැ? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි?... එය නො ඇසුරු කොට එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
වහන්ස, තෙල නො වේ ම ය.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … ඒ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි … එය, නොඇසුරු කොට ‘එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක පටන් අරරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
3. 1. 14.
අන්යත් ජීව අන්යත් ශරීර සූත්රය
219. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්යවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි? ... එය නොඇසුරු කොට ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසනලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි. … එය නොඇසුරු කොට ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, මෙය නො වේ මැයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.