3. 1. 6.
කරොතො සූත්රය
211. සැවැත්නුවර:
ඍමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? (එනම්:) තමා ම කරන්නහුට මෙරමා ලවා කරවන්නහුට අනුන්ගේ අත්පා ආදිය සිඳිනහුට සිඳුවන්නහුට දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට අනුන් වෙහෙසන්නහුට මෙරමා ලවා වෙහෙස කරවන්නහුට අනුන් කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නස්නහුට නස්වන්නහුට නොදුන් දෑ ගන්නහුට ගන්වන්නහුට ගෙවල් බිඳින්නහුට බිදුවන්නහුට මහාවිලෝප (සියල්ල පැහැර ගැනීම්) කරන්නහුට එක්ගෙයක් වටා සිට බඩු පැහැර ගන්නහුට මඟ රැක සිට යනෙනුවන් බඩු පැහැර ගන්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි යන හැඟීමෙන්) කරන්නහුට පවා පවක් නො කෙරේ. (පවෙක් නැත.) ඉදින් යමෙක් කර වැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් වන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංඉවුරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරුගංතෙරට ද යන්නේ නම් ඒ හේතු යෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්ද්රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි කියා යි.
වහන්ස, අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස කරන්නහුට කරවන්න හුට … දානයෙන් ඉන්ද්රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දිටුයෙක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස කරන්හුට කරවන්නහුට … සත්ය වචනයෙන් පිනෙක් නැත පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද, රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ ….
එය නොඇසුරු කොට “කරන්නහුට කරවන්නහුට … පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ…
යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට ක්ලාන්ත වන්නහුට ක්ලාන්ත කරවන්නහුට කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නසන්නහුට නස්වන්නහුට නුදුන් දේ ගන්නහුට ගන්වන්නහුට ගෘහසන්ධි සිඳින්නහුට ගම් පහරන්නහුට එක්ගෙයක් පහරන්නහුට මං පැහැරීමෙහි යෙදී සිටින්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි හැඟීමෙන්) කරන්නහුට පවෙක් නො කෙරෙයි. (පවෙක් නැත). ඉදින් යමෙක් කරවැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංතෙරට ද යන්නේ නම් එ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරු ගං තෙරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්ද්රියදමනයෙන් ශීලසංයමයෙන් සත්යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි ආර්ය්යශ්රාවකගේ සැකය ප්රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්රහීණ වූයේ වෙයි, දුක්හටගැන්මෙහි ද ඔහුගේ සැකය ප්රහීණ වූයේ වෙයි, දුක්නැවැත්මෙහි ද ඔහුගේ සැකය ප්රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්රහීණ වූයේ වේ. මහණෙනි මේ ආර්ය ශ්රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙන සැහැවි යැ, ගතිනියත යැ සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ යි.
3. 1. 7.
හේතු සූත්රය
212. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්රත්යයෙක් නැති. හේතු රහිත ව ප්රත්යය රහිත ව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්රත්යයෙක් නැති. හේතු රහිත ව ප්රත්යය රහිත ව සත්ත්වයෝ විශුද්ධි වෙත්. (තමා සුවපත් කරනුවට) බලයෙක් නැත, වීර්ය්යයෙක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්රමයෙක් නැති. සියලු සත්ත්වයෝ සියලු ප්රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බල නැත්තාහු වීර්ය්ය රහිත වූවාහු නියත වශයෙන් සංක්රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු සවැදෑරුම් (කෘෂ්ණ නීලාදී) අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භග්වත්හු මුල් කොට ඇතියහ …