3. 1. 3.
සො අත්තා සූත්‍රය
208. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි, ඇත්තෙමි’යි වේදනාව ඇති කල … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇත්තෙමි”යි.
මහණෙනි, එ කුමැයි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් වූ කලී අනිත්‍ය ද එ දුක් හෝ වෙයි ද, සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් වූ කලී අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ද, එ ඇසිරි කොට මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: එ මම් ආත්මයෙමි, එ මම් ලෝකය වෙමි, එ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇතියෙමි” යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම් ආත්ම වෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම ආත්ම වෙමි, ඒ මම ලෝක වෙමි, ඒ මම පරලොව වන්නෙමි නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො වෙනස් වනසුල්ලෙමි” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි,
වහන්ස, තෙල නො වේ මැ යි.