2. 4. 2.
මාරධම්ම සූත්‍රය
195. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් මාරධම්ම (මරණ ස්වභාව) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය, පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
රාධ කිමෙක් මරණ ස්වභාව ද යත්: රාධය, රූපය මැරෙන සුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මැරෙනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමෙක් මැරෙනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 4. 3.
අනිච්ච සූත්‍රය
196. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් අනිත්‍ය නම් එහි … ඡන්‍දරාගය පහකට යුත්තේ යි.
2. 4. 4.
අනිච්චධම්ම සූත්‍රය
197. සැවැත්නුවර:
රාධය යමෙක් අනිත්‍යධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය ප්‍රහාණ කටයුත්තේ යි.
2. 4. 5.
දුක්ඛ සූත්‍රය
198. සැවැත්නුවර:
රාධය යමෙක් දුක් නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 6.
දුක්ඛධම්ම සූත්‍රය
199. සැවැත්නුවර:
රාධය යමෙක් දුක්ඛධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 7.
අනන්ත සූත්‍රය
200. සැවැත්නුවර:
රාධය යමෙක් අනාත්ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 8.
අනත්තධම්ම සූත්‍රය
201. සැවැත්නුවර:
රාධය, යමෙක් අනාත්මධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
2. 4. 9.
ඛයධම්ම සූත්‍රය
202. සැවැත්නුවර:
රාධය, යමෙක් ක්‍ෂයධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය පහකට යුතු යි.