2. 2. 6.
දුක්ඛධම්ම සූත්රය
175. සැවැත්නුවර:
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ: “වහන්ස, “දුක්ඛධම්ම දුක්ඛධම්ම” යි කියනු ලැබේ” වහන්ස, දුක්ඛධම්ම කිමෙක් දෝ හෝ යි?
රාධය, රූපය දුඃඛස්වභාවය ඇත්තේ ය, වේදනාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංඥාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංස්කාරයෝ දුඃඛස්වභාවය ඇතියහ. විඥානය දුඃඛස්වභාවය ඇත්තේ යි. මෙසේ දක්නා මේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 7.
අනන්ත සූත්රය
176. සැවැත්නුවර:
එකත් පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්ම යැ. අනාත්ම යැ’ යි කියනු ලැබේ, වහන්ස, අනාත්මය නම් කිමෙක් දෝ?යි.
“රාධය, රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්ම යි. රාධය, මෙසේ දක්නා මේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 8.
අනත්තධම්ම සූත්රය
177. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්මස්වභාව යැ, අනාත්මස්වභාව යැ’යි කියනු ලැබෙයි, වහන්ස, අනාත්මස්වභාවය ඇත්තේ කිමෙක් දෝ”යි.
“රාධය, රූපය, අනාත්මස්වභාව යැ, වේදනාව අනාත්මස්වභාව යැ, සංඥාව අනාත්ම ස්වභාව යැ, සංස්කාර අනාත්මස්වභාව යැ, විඥානය අනාත්ම ස්වභාව යැ. රාධය මෙසේ දක්නා … ශ්රැතවත් ආර්ය්යශ්රාවක මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
2. 2. 9.
ඛයධම්ම සූත්රය
178. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: “වහන්ස, ‘ඛයධම්ම, ඛයධම්ම (නැසෙන සුලු)“යි කියනු ලැබේ. වහන්ස කිමෙක් ඛයධම්ම වේ දැ යි.
රාධය, රූපය ඛයධම්ම යැ, වේදනාව ඛයධම්ම යැ, සංඥාව ඛයධම්ම යැ, සංස්කාර ඛයධම්ම යැ. විඥානය ඛයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.