2. 2. 1.
මාර සූත්‍රය
170. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘මාර, මාර’යි කියනු ලැබෙයි. වහන්ස, ‘මාර’ නම් කවරෙ යැ?
රාධය, රූපය මාර යැ, වේදනාව මාර යැ, සංඥාව මාර යැ, සංස්කාර මාර යැ, විඥානය මාර යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි. වේදනා යෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (පස්කඳින්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි පස්විකුම් නැණ වෙයි, දැය ගෙවිණැ, මහබඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද, මේ රහත් බව සඳහා කළ යුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
2. 2. 2.
මාරධම්ම සූත්‍රය
171. සැවැත්නුවර:
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල, සැලකළහ: වහන්ස, ‘මාරධම්ම, මාරධම්ම’ යි කියනු ලැබෙයි. වහන්ස,‘මාර ධම්ම’ නම් කවරෙ යැ?
රාධය, රූපය මාරධම්ම යැ, වේදනාව මාරධම්ම යැ, සංඥාව මාරධම්ම යැ, සංස්කාර මාරධම්ම යැ, විඥානය මාරධම්ම යි. රාධ, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
2. 2. 3.
අනිච්ච සූත්‍රය
172. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, අනිත්‍ය යැ, අනිත්‍ය’යි කියනු ලැබෙයි, වහන්ස, අනිත්‍ය නම් කිමෙක් දෝ”යි?
රාධය, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ. විඥානය අනිත්‍ය යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 4.
අනිච්චධම්ම සූත්‍රය
173. සැවැත්නුවර:
එකත්පසෙක හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, “අනිච්ච්‍ධම්ම යැ, අනිච්ච්‍ධම්ම”යි කියනු ලැබෙයි, වහන්ස, අනිච්ච්‍ධම්ම කිමෙක් දෝ යි?
රාධය, රූපය අනිත්‍ය ස්වභාවය ඇත්තේ යැ. වේදනාව අනිත්‍ය ස්වභාවය ඇත්තී යැ. සංඥාව අනිත්‍යස්වභාවය ඇත්තී යැ. සංස්කාරයෝ අනිත්‍ය ස්වභාවය ඇතියහ. විඥානය අනිත්‍යස්වභාවය ඇත්තේ යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 5.
දුක්ඛ සූත්‍රය
174. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.: වහන්ස, දුක්ඛ, දුක්ඛ යි කියනු ලැබෙයි, වහන්ස, දුක්ඛ නම් කිමෙක් දෝ”යි?
රාධය රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. රාධය මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 6.
දුක්ඛධම්ම සූත්‍රය
175. සැවැත්නුවර:
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: “වහන්ස, “දුක්ඛධම්ම දුක්ඛධම්ම” යි කියනු ලැබේ” වහන්ස, දුක්ඛධම්ම කිමෙක් දෝ හෝ යි?
රාධය, රූපය දුඃඛස්වභාවය ඇත්තේ ය, වේදනාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංඥාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංස්කාරයෝ දුඃඛස්වභාවය ඇතියහ. විඥානය දුඃඛස්වභාවය ඇත්තේ යි. මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.