2. 1. 10.
දුතිය ඡන්‍දරාග සූත්‍රය
169. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් (හෝ සහමුලින් උදුරාහළ තල් ගස ඇති තැන මෙන්) මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්නවුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
පළමුවැනි මාර වර්‍ග යි
එහි සූත්‍රනාමාවලිය:
මාර, සත්ත, භවනෙත්ති, පරිඤ්ඤෙය යන සූත්‍ර සතර ය, සමණසූත්‍ර දෙක ය, සෝතාපන්න සූත්‍ර ය අරහන්ත සූත්‍රය ඡන්‍දරාගසූත්‍ර දෙක ය යි සූත්‍ර දශයෙකි.