13. 1. 8.
සක්කච්චකාරී සූත්රය
669. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි වෙත්. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සකස් කොට කරනසුලු නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සකස් කොට කරනසුලු වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සකස් කොට කරනසුලුත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්යායී පුද්ගලයන් අතුරෙන් අග්ර ද ශ්රේෂ්ඨ ප්රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 9.
සාතච්චකාරී සූත්රය
670. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුලු පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි සාතච්චකාරී (නිතර කරනසුලු) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සාතච්චකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සතච්චකාරීත් වෙයි.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරිත් වෙයි.
මහණෙනි, එහි යම් මේ ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්යායී පුද්ගලයන් අතුරෙන් අග්ර ද ශ්රේෂ්ඨ ද මුඛ්ය ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 10.
සප්පායකාරී සූත්රය
671. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සප්පායකාරී (උපකාරකධර්මයන් වඩනසුලු) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.