13. 1. 54.
සක්කච්ච සප්පායකාරී සූත්රය
715. සැවැත්නුවර:
... සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 55.
සාතච්ච සප්පායකාරී සූත්රය
716. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ, මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පායකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම සාතච්චකාරීත් සමාධියෙහි නො ම සප්පායකාරීත් වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
මහණෙනි, එහි ලා ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ සිවු ධ්යාන කරනසුල්ලන්ගෙන් අග්ර ද, ශ්රේෂ්ඨ ද, ප්රධාන ද, උතුම් ද, උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිත්, කිරට වඩා දීත්, දීයට වඩා වෙඬරුත්, වෙඬරුවට වඩා ගිතෙලුත්. ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්ර ය යි කියනු ලැබේ ද. මහණෙනි එසෙයින් ම යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ මේ සිවු ධ්යාන කරනසුල්ලන්ගෙන් අග්ර ද වෙයි, ශ්රේෂ්ඨ ද වෙයි, ප්රමුඛ ද, උතුම් ද, උසස් ද වේ යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
(මෙසේ පෙය්යාලමුඛ ඇති ඒ පස්පනස් සූත්රයෝ විස්තර කටයුත්තා හ.)
පළමුවැනි ධ්යාන වර්ග යි.
එහි සූත්ර නාමාවලිය :
සමාධි සූත්ර දශයෙක, සමාපත්ති සූත්ර නවයෙක, ඨිති සූත්ර අටෙක, වුට්ඨාන සූත්ර සතෙක, කල්ලිත සූත්ර සයෙක, ආරම්මණ සූත්ර පසෙක ගෝචර සූත්ර සතරෙක. අභිනීහාර සූත්ර තුනෙක, සක්කච්ච සූත්ර දෙකෙක, සප්පාය සූත්ර එකෙකැ යි සූත්ර පස් පනසෙකි.
ඣාන සංයුත්තය නිමියේ ය.
ඛන්ධක වර්ග නිමියේ යි.
එහි වර්ග නාමාවලිය :
නකුලපිතු, අනිච්ච, භාර, නතුම්හාක, අත්තදීප යන වර්ග පසින් පඨම පණ්ණාසක ය යි කියනු ලැබේ.
උපාය, අරහත්ත ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්ග පසින් මේ මජ්ඣිම පණ්ණාසකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
ඇත්ත, ධම්මකථික, අවිජ්ජා, කුක්කුළ,, දීට්ඨී යන වර්ග පසින් තතිය පණ්ණාසකය වදාරන ලද්දේ ය. නිපාත ය යි ද කියනු ලැබේ.
පඨම රාධ, දුතිය රාධ, වර්ග දෙක ය, ආයාචන, උපනිසින්න, පඨමගමන, දුතියගමන, තතියගමන යන දීට්ඨී වර්ග සය, ඔක්කන්තික, උප්පාද කිලේස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්ධබ්බ, වලාහක, වච්ඡගොත්ත, ඣාන යන වර්ග දශ ය යි, වර්ග අටළොසෙකි . වර්ග මුළුල්ල තෙතිසෙකි.