13. 1. 51.
ගෝචර සාතච්චකාරී සූත්‍රය
712. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.
13. 1. 52.
අභිනීහාර සප්පායකාරී සූත්‍රය
713. සැවැත්නුවර:
… මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 53.
සක්කච්ච සාතච්චකාරී සූත්‍රය
714. සැවැත්නුවර:
... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ... සමාධියෙහි නො මැ සක්කච්චකාරීත් සමාධියෙහි නො මැ සාතච්චකාරීත් වේ ... සමාධියෙහි සක්කච්චකාරීත් සමාධියෙහි සාතච්චකාරීත් වේ.
මහනෙණි, මෙහි යම් මේ ... උතුම් ද උසස් ද වේ යි.
13. 1. 54.
සක්කච්ච සප්පායකාරී සූත්‍රය
715. සැවැත්නුවර:
... සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 55.
සාතච්ච සප්පායකාරී සූත්‍රය
716. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ, මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පායකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම සාතච්චකාරීත් සමාධියෙහි නො ම සප්පායකාරීත් වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
මහණෙනි, එහි ලා ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද, උතුම් ද, උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිත්, කිරට වඩා දීත්, දීයට වඩා වෙඬරුත්, වෙඬරුවට වඩා ගිතෙලුත්. ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද. මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද, උතුම් ද, උසස් ද වේ යි.