13. 1. 5.
ආරම්මණ කුසල සූත්‍රය
666. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් නො ම දක්‍ෂ වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා ... උසස් ද වේ යි.
13. 1. 6.
ගෝචර කුසල සූත්‍රය
667. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි සමත්) දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචර දක්‍ෂ නො වේ, (කමටහන් අරමුණෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ නො වේ.)
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ගෝචර පිළිබඳ (කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචරයෙහිත් නො ම දක්‍ෂ වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගෝචරයෙහි දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යාන කරනසුලු පුද්ගල සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගොදුරෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායීන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 7.
අභිනීහාර කුසල සූත්‍රය
668. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි කුසල වෙයි. සමාධි යෙහි අභිනීහාරයෙහි (කමටහන් එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි අභිනීහාරකුසල වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ම සමාධිකුසලත් සමාධියෙහි නො ම අභිනීහාරකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධි කුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 8.
සක්කච්චකාරී සූත්‍රය
669. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි වෙත්. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සකස් කොට කරනසුලු නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සකස් කොට කරනසුලු වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.