13. 1. 28.
වුට්ඨාන කල්ලිත සූත්‍රය
689. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් සමාධියෙහි නො මැ කල්ලිතකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 29.
වුට්ඨාන ආරම්මණ සූත්‍රය
690. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ... උසස් ද වේ.
13. 1. 30.
වුට්ඨාන ගෝචර සූත්‍රය
691. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ගෝචරකුසල නො වේ ...
13. 1. 31.
වුට්ඨාන අභිනීහාර සූත්‍රය
692. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
13. 1. 32.
වුට්ඨාන සක්කච්ච්කාරී සූත්‍රය
693. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
13. 1. 33.
වුට්ඨාන සාතච්චකාරී සූත්‍රය
694. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 34.
වුට්ඨාන සප්පායකාරී සූත්‍රය
695. සැවැත්නුවර:
... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි සප්පයකාරි නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පයකාරි වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම වුට්ඨානකුසලත් සමාධියෙහි නො ම සප්පායකාරිත් වේ.