13. 1. 10.
සප්පායකාරී සූත්‍රය
671. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සප්පායකාරී (උපකාරකධර්‍මයන් වඩනසුලු) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සප්පයකාරීත් වෙයි.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වෙයි.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනාට වඩා කිරි … මහණෙනි, එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායී පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ යි.
13. 1. 11.
සමාපත්ති ඨිති කුසල සූත්‍රය
672. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමවත කලක් තබා ගැන්මෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල වෙයි. සමාධියෙහි සමාපත්ති කුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මෑ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ. මහණෙනි යම්සේ දෙනට වඩා කිරිත් කිරට වඩා දීත් … උසස් ද වේ යි.
13. 1. 12.
සමාපත්ති වුට්ඨාන කුසල සූත්‍රය
673. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි. සමාධියෙහි සමවතින් වහා නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.