1. 3. 5. 6.
සක්කායදිට්ඨි සූත්‍රය
155. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සක්කායදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි .
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 7.
අත්තානුදිට්ඨි සූත්‍රය
156. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය (ආත්මය අනුගත වූ දෘෂ්ටිය) උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදියි, වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාරයන් ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී යි.