1. 3. 4. 3.
දුතිය අනිච්ච සූත්රය
138. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්ය නම් එහි ලා තොප විසින් රාගය (බලවත් රාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්ය ද යත්:
මහණෙනි, රූපය අනිත්ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමක් අනිත්ය ද එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 4.
තතිය අනිච්ච සූත්රය
139. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්ය නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනිත්ය ද යත්:
මහණෙනි, රූපය අනිත්ය යැ. එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්ය යැ. එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනිත්ය නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 5.
පඨම දුක්ඛ සූත්රය
140. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්දය පහ කටයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්දය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්දය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්දය පහ කටයුත්තේ යි.
1. 3. 4. 6.
දුතිය දුක්ඛ සූත්රය
141. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය දුක් ය. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යි.
1. 3. 4. 7.
තතිය දුක්ඛ සූත්රය
142. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්දරාගය පහ කළයුත්තේ යි.