1. 3. 4. 4.
තතිය අනිච්ච සූත්‍රය
139. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
මහණෙනි, රූපය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 5.
පඨම දුක්ඛ සූත්‍රය
140. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යි.
1. 3. 4. 6.
දුතිය දුක්ඛ සූත්‍රය
141. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය දුක් ය. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යි.
1. 3. 4. 7.
තතිය දුක්ඛ සූත්‍රය
142. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
මහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 8.
පඨම අනත්ත සූත්‍රය
143. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ, එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. වේදනාව අනාත්ම යැ ... සංඥාව අනාත්ම යැ ... සංස්කාර අනාත්ම යැ ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.
1. 3. 4. 9.
දුතිය අනත්ත සූත්‍රය
144. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළ යුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
1. 3. 4. 10.
තතිය අනත්ත සූත්‍රය
145. සැවැත්නුවර:
මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
මහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව අනාත්මයැ ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහිලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.