1. 3. 3. 7.
දුතිය සමුදය සූත්රය
132. බරණැස්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ශාරීපුත්රයෙනි, විද්යා විද්යා යි කියනු ලැබේ. ඇවැත්නි විද්යාව නම් කවර යැ? කොපමණෙකින් විද්යායුක්තත් වේ දැ? යි.
ඇවැත්නි, මෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විද්යාව යයි කියනු ලැබේ. මෙතෙකින් විද්යායුක්තත් වේ ය යි.
1. 3. 3. 8.
කොට්ඨික සූත්රය
133. බරණැස්නුවර:
එක්සමයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්යා අවිද්යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව නම් කවර යැ? කොපමණෙකින් අවිද්යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මේ සස්නෙහි අශ්රැතවත් පෘථග්ජන රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්යා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්යාගතත් වේ යයි.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්යා විද්යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්යා නම් කවරක් ද? කොපමණෙකින් විද්යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්යාගතත් වේ ය යි.
1. 3. 3. 9.
දුතිය කොට්ඨික සූත්රය
134. බරණැස්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්යා අවිද්යා යි කියනු ලැබෙයි, ඇවැත්නි, අවිද්යාව නම් කවරක් යැ කොපමණෙකින් අවිද්යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි අශ්රැතවත් පෘථග්ජන රූපයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. මේ අවිද්යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්යාගතත් වේ යයි”.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් කොට්ඨිතයෙනි, විද්යා විද්යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්යා නම් කුමක් ද? කොපමණෙකින් විද්යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ රූපයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්යා”යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්යාගතත් වේ ය”යි.
1. 3. 3. 10.
තතිය කොට්ඨික සූත්රය
135. බරණැස්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්යා අවිද්යා යයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව නම් කවර යැ, කොපමණකින් අවිද්යාගතත් වේ දැ?”යි.
ඇවැත්නි, මෙහි අශ්රැතවත් පෘථග්ජන තෙමේ රූපය නො දනියි. රූපසමුදය නො දනියි. රූපනිරෝධය නො දනියි. රූපනිරෝධගාමිනී පටිපදාව නො දනී.
වේදනාව නො දනියි … සංඥාව ... සංස්කාර ... විඥානය නො දනියි, විඥානසමුදය නො දනියි. විඥානනිරෝධය නො දනියි, විඥානනිරෝධගාමිනී පටිපදාව නො දනී. ඇවැත්නි, මේ අවිද්යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිද්යාගතත් වේ ය”යි.