3. අවිජ්ජා වර්ගය
1. 3. 3. 1.
පඨම සමුදය ධම්ම සූත්රය
126. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹැ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, අවිද්යා ය, අවිද්යා යයි කියනු ලැබේ. වහන්ස, අවිද්යාව කවර යත් කොපමණකින් අවිද්යාගත (අවිද්යාවට ගියේ) ද වේ දැ”යි.
මහණ, මෙහි අශ්රැතවත් පෘථග්ජන තෙමේ සමුදය (ඉපදීම) ස්වභාව ඇති රූපය සමුදය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, ව්යය (වැනසීම) ස්වභාව ඇති රූපය ව්යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, “සමුදයව්යය ස්වභාව ඇති රූපය සමුදයව්යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, සමුදය සැහැවි වේදනාව සමුදය සැහැවි වේදනාවකැ යි තතුසේ හේ නො දනියි, වැනසෙනසුලු වේදනාව වැනසෙනසුලු වේදනාවයකැ යි තතුසේ නො දනියි. සමුදයව්යය ස්වභාව ඇති වේදනාව සමුදයව්යය ස්වභාව ඇති වේදනාවකැයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති සංඥාව ... හටගන්නා ස්වභාව ඇති සංස්කාර හටගන්නා ස්වභාව ඇති සංස්කාර යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති සංස්කාර වැනසෙන ස්වභාව ඇති සංස්කාර ය යි තතු සේ නො දනියි, සමුදයව්යය ස්වභාව ඇති සංස්කාර සමුදයව්යය ස්වභාව ඇති සංස්කාර යයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති විඥානය හටගන්නා ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති විඥානය වැනසෙන ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, සමුදයව්යය ස්වභාව ඇති විඥානය සමුදයව්යය ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනී. මහණ, මේ අවිද්යා යයි කියනු ලැබේ. මෙ පමණකින් අවිද්යාගත ද වේ යි.
මෙසේ වදාළ කල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, විද්යා යැ විද්යා යයි කියනු ලැබේ. වහන්ස, විද්යාව නම් කවර යැ? කොපමණෙකින් විද්යාගත වේ දැ”යි?
මහණ, මෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ හටගන්නා සැහැවි රූපය හටගන්නා සැහැවි රූප යයි තතුසේ දනී, වැනසෙන සැහැවි රූපය වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි රූපය හටගන්නා-වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා සැහැවි වේදනාව ... හටගන්නා සැහැවි සඥාව ... හටගන්නා සැහැවි සංස්කාර ... හටගන්නා සැහැවි විඥානය හටගන්නා සැහැවි විඥාන යයි තතු සේ දනියි. වැනසෙන සැහැවි විඥානය වැනසෙන සැහැවි විඥාන යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි විඥානය හටගන්නා වැනසෙන සැහැවි විඥාන ය යි තතුසේ දනී. මහණ, මේ විද්යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්යාගතත් වේ යයි.
1. 3. 3. 2.
දුතිය සමුදය ධම්ම සූත්රය
127. බරණැස්නුවර:
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: තෙල කීහ: ඇවැත්නි, ශාරීපුත්රයෙනි, අවිද්යා අවිද්යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යා නම් කවර යැ? කොපමණෙකින් අවිද්යාගතත් වේ දැ”යි? මෙය කීහ.
ඇවැත්නි, මෙහි අශ්රැතවත් පෘථග්ජන උපදනා ස්වභාව ඇති රූපය උපදනා ස්වභාව ඇති රූපය යි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති රූපය ... හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූපය හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූප යයි තතුසේ නො දනියි, හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන යයි තතුසේ නො දනියි. වැන සෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානයයි තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්යා යයි කියනු ලැබේ මෙතෙකින් අවිද්යාගතත් වේ ය යි.
1. 3. 3. 3.
තතිය සමුදය ධම්ම සූත්රය
128. බරණැස්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබේ. ඇවැත්නි විජ්ජා නම් කවර යැ? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක හටගන්නාසුලු රූපය හටගන්නාසුලු රූප යයි තතු සේ දනියි, වැනසෙනසුලු රූපය ... හටගන්නා-වැනසෙනසුලු රූපය හටගන්නා-වැනසෙනසුලු රූප යයි තතුසේ දනී. හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන ය යි තතුසේ දනී වැනසෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානය හටගන්නා-වැනසෙනසුලු විඥාන ය යි තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජා යි කියනු ලැබෙයි. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.