1. 3. 3. 3.
තතිය සමුදය ධම්ම සූත්රය
128. බරණැස්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබේ. ඇවැත්නි විජ්ජා නම් කවර යැ? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක හටගන්නාසුලු රූපය හටගන්නාසුලු රූප යයි තතු සේ දනියි, වැනසෙනසුලු රූපය ... හටගන්නා-වැනසෙනසුලු රූපය හටගන්නා-වැනසෙනසුලු රූප යයි තතුසේ දනී. හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන ය යි තතුසේ දනී වැනසෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානය හටගන්නා-වැනසෙනසුලු විඥාන ය යි තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජා යි කියනු ලැබෙයි. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
1. 3. 3. 4.
පඨම අස්සාද සූත්රය
129. බරණැස්නුවර:
එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
1. 3. 3. 5.
දුතිය අස්සාද සූත්රය
130. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි, විජ්ජා නම් කවරක්ද? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජායි කියනු ලැබේ. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
1. 3. 3. 6.
පඨම සමුදය සූත්රය
131. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.