1. 3. 3. 10.
තතිය කොට්ඨික සූත්රය
135. බරණැස්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්යා අවිද්යා යයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව නම් කවර යැ, කොපමණකින් අවිද්යාගතත් වේ දැ?”යි.
ඇවැත්නි, මෙහි අශ්රැතවත් පෘථග්ජන තෙමේ රූපය නො දනියි. රූපසමුදය නො දනියි. රූපනිරෝධය නො දනියි. රූපනිරෝධගාමිනී පටිපදාව නො දනී.
වේදනාව නො දනියි … සංඥාව ... සංස්කාර ... විඥානය නො දනියි, විඥානසමුදය නො දනියි. විඥානනිරෝධය නො දනියි, විඥානනිරෝධගාමිනී පටිපදාව නො දනී. ඇවැත්නි, මේ අවිද්යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිද්යාගතත් වේ ය”යි.
මෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්යා විද්යා යි කියනු ලැබෙයි. ඇවැත්නි, විද්යා නම් කුමක්ද? කොපමණෙකින් විද්යාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක තෙමේ රූපය දනියි, රූපසමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනී. වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය දනියි, විඥානසමුදය දනියි. විඥානනිරෝධය දනියි. විඥානනිරෝධගාමිනී පටිපදාව දනී. ඇවැත්නි, මේ විද්යා යි කියනු ලැබේ. මෙපමණෙකින් විද්යාගතත් වේ යයි.
තෙවැනි අවිද්යා වර්ග යි
එහි උද්දානය:
සමුදය ධම්ම සූත්ර තුන යැ, අනෙක් අස්සාද සූත්ර දෙක යැ, සමුදය සූත්ර දෙක යැ අනෙක් කොට්ඨිත සූත්ර තුන යයි සූත්ර දසයෙකි.