1. 3. 2. 5.
බන්ධන සූත්රය
117. සැවැත්නුවර:
මහණෙනි, බුද්ධාදී ආර්ය්යයන් නො දක්නා ... සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු අශ්රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි, මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජන රූපබන්ධනයෙන් බැඳුණේ අභ්යන්තර බාහිර බන්ධනයෙන් (ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන්) බැඳුණේ සංසාර වර්තය නො දක්නේ නිර්වාණපාරය නො දක්නේ (ක්ලේශබන්ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොවට යේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ආත්ම විසින් දකියි … වේදනායෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජන වේදනාබන්ධනයෙන් බැඳුණේ අභ්යන්තර බාහිර (සංයෝජන) බන්ධනයෙන් බැඳුණේ සසරවට නො දක්නේ නිවන නො දක්නේ බැඳුණේ උපදියි. බැඳුණේ මියෙයි. බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
සංඥාව ... සංස්කාර ආත්ම වශයෙන් දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජන සංස්කාර බන්ධනයෙන් බැඳුණේ, ආධ්යාත්මික බාහිර බන්ධනයෙන් බැඳුණේ, සසරවට නො දක්නේ, නිවන නො දක්නේ, බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
විඥානය ආත්ම වශයෙන් දකියි , විඥානවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ විඥානය දකියි, විඥානයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්රැතවත් පෘථග්ජන සංසාර වර්තය නො දක්නේ නිර්වාණපාරය නො දක්නේ (ක්ලේශ බන්ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යේ යි කියනු ලැබේ.
මහණෙනි බුද්ධාදී ආර්ය්යයන් දක්නා ... සත්පුරුෂධර්මයෙහි මොනොවට හික්මුණු ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපය ආත්ම විසින් නො දකියි. රූපවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපබන්ධනයෙන් නො බැඳුණේ ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන් නො බැඳුණේ සසරතෙර දක්නේ නිර්වාණ පාරය දක්නේ යි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
වේදනාව ආත්ම වශයෙන් නො දකියි ... වේදනායෙහි හෝ ආත්මය නො දකියි, මේ ශ්රැතවත් ආර්ය ශ්රාවක වේදනා බන්ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්යන්තර සහිත බාහිර බන්ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක සංස්කාර බන්ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, අභ්යන්තර සහිත බාහිර බන්ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සංසාරවර්තය දක්නේ යයි කියනු ලැබෙයි. නිර්වාණ පාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
විඥානය ආත්ම වශයෙන් නො දකියි. විඥානවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ විඥානය නො දකියි. විඥානයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්රැතවත්ආර්ය්යශ්රාවක විඥාන බන්ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්යන්තර බාහිර සංයෝජනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
1. 3. 2. 6.
පඨම පරිපුච්ඡිත සූත්රය
118. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දැකිවූ දැ යි. වහන්ස, තෙල නො වේ ම යැ. මහණෙනි, මැනැවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම”යි දකිවු දැ යි වහන්ස, තෙල නො වේ මැ යි. මහණෙනි, මැනවි. මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි. තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රුපයෙහිත් කලකිරෙයි ... වේදනාවෙහිත් ... සංඥාවෙහිත් ... සංස්කාරයන්හිත් ... විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස කළයුතු අන්කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 2. 7.
දුතිය පරිපුච්ඡිත සූත්රය
119. සැවැත්නුවර:
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි දකිවු දැ යි. වහන්ස එසේ යැ.
මහණෙනි, මැනවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යැ. වේදනාව ... තෙල මාගේ නො වෙයි .... සඥාව තෙල මාගේ නො වෙයි ... සංස්කාර “තෙල මාගේ නො වෙයි ... විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි දකිවු දැ යි.