1. 3. 2. 13.
දුතිය කප්ප සූත්රය
125. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් කප්ප තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මාන කොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ දැ යි?
කප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
කප්පය, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මානකොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ ය යි.
දෙවැනි ධම්මකථික වර්ග යි
එහි සූත්ර නාමාවලිය:
අවිජ්ජා විජ්ජා යන සූත්ර දෙක යැ, ධම්මකථික සූත්ර දෙක යැ, බන්ධන සූත්රය, පරිපුච්ජිත සූත්ර දෙක යැ, සඤ්ඤෝජන උපාදාන සීල සුතවන්ත යන සූත්ර සතර ය කප්ප සූත්ර දෙක යයි සූත්ර තෙළෙසකි.