1. 1. 5. 4.
දෙවැනි අනිච්චතා සූත්රය
46. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්ය යි, යමක් අනිත්ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යි මෙසේ තෙල ඇති සැටිය සම්යක් ප්රඥායෙන් දතයුතු. වේදනාව අනිත්ය යැ … සංඥාව අනිත්ය යැ … සංස්කාර අනිත්ය යැ … විඥානය අනිත්ය යැ, යමක් අනිත්ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්යක්ප්රඥායෙන් දතයුතු. මෙසේ තෙල ඇති සැටිය සම්යක්ප්රඥායෙන් දක්නාහට පූර්වාන්තය අනුවගිය (අටළොස්) දෘෂ්ටීහු නො වෙත්. පූර්වාන්තානුදෘෂ්ටි නැති කල්හි අපරාන්තය, අනුව ගිය (සූසාළිස්) දෘෂ්ටීහු නො වෙත්. අපරාන්තානුදෘෂ්ටි නැති කල්හි දෘෂ්ටිශක්ති විසින් (දෘෂ්ටි) පරාමර්ශයෙක් නො වෙයි. දෘෂ්ටිශක්ති විසින් පරාමර්ශයෙක් නැති කල්හි රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි විඥානයෙහි සිත නො ඇලෙයි, උපාදාන වශයෙන් නො ගෙන ආස්රවයන්ගෙන් සිත මිදෙයි, මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්රස්ත නො වෙයි, ත්රස්ත නො වනුයේ තෙමේ ම පිරිනිවෙයි. “ජාතිය ගෙවිණ, බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන්කිසෙක් නැති” යි දැනගනී යි.
1. 1. 5. 5.
සමනුපස්සනා සූත්රය
47. සැවැත්නුවර–
මහණෙනි, යම් කිසි ශ්රමණ කෙනෙක් වෙත්වයි බ්රාහ්මණ කෙනෙක් වෙත්වයි දෘෂ්ටි වශයෙන් දක්නාහු අනේකප්රකාර ආත්මය දකිත්. ඒ සියල්ලෝ පඤ්චෝපාදාන ස්කන්ධයන් දෘෂ්ටිවශයෙන් දකිති. ඒ පඤ්චෝපාදානස්කන්ධ අතුරෙන් අන්යතරයක් හෝ දකිත්.
කවර පසෙක් යත්:
මහණෙනි, මෙලොව බුද්ධාදී ආර්ය්යයන් නොදක්නා ආර්ය්යධර්ම පිළිබඳ අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්ම පිළිබඳ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි අවිනීත වූ, අශ්රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් දකියි. ආත්මය රූපවත් කොට හෝ දකියි. ආත්මයෙහිලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ආත්ම විසින් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, ආත්මයෙහිලා හෝ විඥානය දකියි, විඥානයෙහි ලා හෝ ආත්මය දකියි.
මෙසේ මේ දිට්ඨිසමනුපස්සනා (යමෙකුට) ඇත් ද, (එකල්හි) ඔහුට ‘මම වෙමි’ යන ප්රපඤ්චය අවිගත (අප්රහීණ) වෙයි. මහණෙනි, ‘මම වෙමි’ යන ප්රපඤ්චය අවිගත කල්හි චක්ෂුරින්ද්රිය - ශ්රෝත ඉන්ද්රිය - ඝ්රාණේන්ද්රිය - ජිහ්වේන්ද්රිය - කායේන්ද්රිය යන පඤ්චේන්ද්රියයන්ගේ අවක්රාන්තිය (ඉපැද්ම) වෙයි. මහණෙනි, මනස (-කර්මචිත්තය) ඇත, ආරම්මණ ධර්ම ඇත, (ජවනක්ෂණයෙහි) අවිද්යාව ඇති. මහණෙනි, අවිද්යාසම්ප්රයුක්ත ස්පර්ශයෙන් හටගත් වේදනායෙන් පහස්නා ලද ඒ අශ්රැතවත් පෘථග්ජනහට (තණ්හාදි වශයෙන්) “මම් වෙමි” යන මඤ්ඤනා ද වෙයි, (රූපාදි කිසිවක් ආත්ම දෘෂ්ටි වශයෙන් ගෙන) ඔහුට මේ “මම වෙමි’යි මඤ්ඤානා ද වෙයි, ඔහුට ‘මතු වෙමි’ යි ද වෙයි, ඔහුට ‘මතු නො වෙමි’ යි ද වෙයි, ‘මතු රූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු අරූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සඥා ඇති (සංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සංඥා නැති (අසංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු නේවසංඥීනාසංඥී වෙමි’ යි ද ඔහුට වේ.
තව ද මහණෙනි, ඒ පඤ්චස්කන්ධයෙහි මැ පඤ්චේන්ද්රියයෝ ඇත්තාහුය, එහෙයින් තෙල ඉන්ද්රියයන්හි ශ්රැතවත් ආර්ය්යශ්රාවක හට අවිද්යාව ප්රහීණ වෙයි, අර්හන්මාර්ගඥාන විද්යාව උපදී. ඔහුට අවිද්යාවිරාගයෙන් විද්යාව ඉපැදීමෙන් ‘මම් වෙමි’ ඔහුට තණ්හා මාන දිට්ඨි නො වෙයි, රූපාදිය ‘මේ මම් වෙමි’ ආත්මදෘෂ්ටිය නො වෙයි, (ශාශ්වත විසින්) මතු වෙමි ද නො වෙයි, (උච්ඡේද විසින්) මතු නො වෙමි ද නො වෙයි, මතු රූපී වෙමි ද නො වෙයි, අරූපී වෙමි ද නො වෙයි, මතු සංඥී වෙමි ද නො වෙයි, මතු අසංඥී වෙමි ද නො වෙයි, මතු නේවසඤ්ඤීනාසඤ්ඤී වෙමි ද ඔහුට දෘෂ්ටිය නො වේ යයි.
1. 1. 5. 6.
ඛන්ධ සූත්රය
48. සැවැත්නුවර–
මහණෙනි, පඤ්චස්කන්ධ ද, පඤ්චෝපාදානස්කන්ධ ද දෙසමි. එය අසව …
මහණෙනි, පඤ්චස්කන්ධ කවරහ යත්: මහණෙනි, අතීත - අනාගත - වර්තමාන වූ, ආධ්යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්ෂම වේවයි, හීන වේවයි, ප්රණීත වේවයි, යම්කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ රූපස්කන්ධ යි කියනු ලැබේ.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … අතීත - අනාගත - ප්රත්යුත්පන්න වූ ආධ්යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්ෂ්ම වේවයි, හීන වේවයි, ප්රණීත වේවයි, යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද මේ විඥාන ස්කන්ධ’යි කියනු ලැබේ. මහණෙනි, මොහු පඤ්චස්කන්ධ යි කියනු ලැබෙත්:
මහණෙනි, පඤ්චෝපාදානස්කන්ධ කවරහ යත්: මහණෙනි, ආස්රව සහිත වූ උපාදානයනට ප්රත්යය වූ අතීත - අනාගත - ප්රත්යුත්පන්න වූ, අධ්යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්ෂ්ම වේවයි, හීන වේවයි, ප්රණීත වේවයි, යම් රූපයක් ඇත් ද, ළඟ වූ හෝ දුර වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ ‘රූපෝපාදානස්කන්ධ’ යි කියනු ලැබේ.