1. 1. 4. 9.
තෙවැනි අනුධම්ම සූත්‍රය
41. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මේ අනුලෝම ධර්‍ම වෙයි:
යම් හෙයකින් රූපයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරා මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
1. 1. 4. 10.
සිව්වැනි අනුධම්ම සූත්‍රය
42. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මෙ අනුලෝම ධර්‍ම වෙයි:
යම් හෙයෙකින් රූපයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරාවෙන් හා මරණයෙන් - ශෝකයෙන් - වැලපීමෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් (දැඩිවෙහෙසින්) මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
සතරවැනි නතුම්හාක වර්‍ග යි.
එහි උද්දානය:
නතුම්හාක නමින් සූත්‍ර දෙකක් දේශිත යැ, භික්ඛු නමින් අන්‍ය සූත්‍ර දෙකක් ද, ආනන්‍ද නමින් සූත්‍ර දෙකක් ද දේශිත යැ, අනුධම්ම නමින් ද්වික දෙකක් (සතරක්) දේශිත යි. (මෙසේ නතුම්හාක වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි).