1. 1. 4. 2.
දෙවැනි නතුම්හාක සූත්රය
34. සැවැත්නුවර–
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරලවු. එහ ප්රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නෙ ය.
මහණෙනි, කුමක් තොපගේ නො වේය යත්:
මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරලවු. එය ප්රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරවු, එය ප්රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය ප්රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 1. 4. 3.
පළවැනි භික්ඛු සූත්රය
35. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන්වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
වහන්ස, මම් භාග්යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙය වූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් දේශනා කරන සේක්වයි.
මහණෙනි, යමක් අනුශය කෙරේද, ඒ අනුශය ධර්මය කරණ කොට (පුද්ගල රක්තයැ, දුෂ්ට යැ, මුඪ යයි) සංඛ්යාවට යෙයි. යමක් අනුශය නො කෙරේ ද, ඒ කරණ කොට සංඛ්යාවට නො යෙයි.
භාග්යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන්වහන්ස, දන්නාලදැයි.
මහණ, මා විසින් සැකෙවින් කියනලද ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් කිසෙයින් දන්නහු ද?
වහන්ස, ඉදින් රූපය අනුශය කෙරේ නම් ඒ අනුශය හේතු කොට ගෙන (පුඟුල් රක්තාදි) ප්රඥප්තියට යෙයි, ඉදින් වේදනාව අනුශය කෙරේනම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් සංඥාව අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් සංස්කාර අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි.
වහන්ස, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව අනුශය නො කෙරේ නම් ප්රඥප්තියට නො යෙයි, ඉදින් සංඥාව අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් සංස්කාර අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් විඥානය අනුශය නො කෙරේ නම්, ප්රඥප්තියට නො යෙයි. වහන්ස, භාග්යවතුන්වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථය මම් විස්තර විසින් මෙසෙයින් දනිමියි.
මැනවි මැනවි මහණ, මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් දන්නහු, ඒ මැනැවි. මහණ, ඉදින් රූපය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි.