1. 1. 1. 7.
පළමුවැනි උපාදාපරිතස්සනා සූත්රය
7. සැවැත්නුවර–
මහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාව ද අනුපාදානයෙන් වන අපරිතස්සනාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියමි යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, උපාදානයෙන් වන පරිතස්සනාව කෙසේ වේ ද යත්:
මහණෙනි, ආර්ය්යයන් නො දක්නා ආර්ය්යධර්මයෙහි අදක්ෂ ආර්ය්යධර්මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්මයෙහි අදක්ෂ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු නූගත් පුහුදුන් තෙමේ රූපය ආත්මය යි හෝ, ආත්මය රූප ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි. අන්යාකාර වෙයි. ඔහුගේ ඒ රූපය පෙරැළීමෙන් අන්යාකාර වීමෙන් කර්මවිඥානය රූපයේ පෙරැළීම අනුව පෙරැළෙනසුලු වෙයි. රූපයේ පෙරැළීම අනුව පෙරැළුණු සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්ෂා (ආලය) ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
වේදනාව ආත්මය යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි වේදනාව පවතී ය යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් සැහැවි වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමෙන් අන් සැහැවි වීමෙන් කර්මවිඥානය වේදනායෙහි වෙනස් වීම අනුව පෙරැළෙනසුලු වෙයි. වේදනාවේ වෙනස් වීම අනුව පෙරැළුණු සිතින් හටගත් තණ්හාපරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත ක්ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
සංඥාව … සංස්කාර … ආත්ම විසින් දකියි, සංස්කාරවත් ආත්මය හෝ, ආත්මයෙහි සංස්කාර හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකියි. ඔහුගේ එ සංස්කාර පෙරැළෙයි. අන් අයුරු වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම අන්යථාභාව හේතුයෙන් ඔහුගේ කර්ම විඥානය සංස්කාර විපරිණාම අනුව පෙරැළෙනසුලු වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්ෂා ඇත්තේ ද වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද වේ.
විඥානය ආත්ම විසින් දකියි, විඥානවත් ආත්මය හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ, දකියි. ඔහුගේ එ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ විපරිණාම අන්යථාභාව හේතුයෙන් ඔහුගේ කර්මවිඥානය විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු වෙයි. විඥාන විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි, දැඩි වැ ගෙන පෙළෙන්නේ ද වේ.
මෙසේ වනාහි මහණෙනි, උපාදා පරිතස්සනා වේ.
මහණෙනි, අනුපාදා අපරිතස්සනා කි සෙයින් වේ යැ යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ආර්ය්යයන් දක්නා ආර්ය්යධර්මයෙහි දක්ෂ ආර්ය්යධර්මයෙහි මොනොවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ සත්පුරුෂ ධර්මයෙහි මොනොවට හික්මුණු ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපය ආත්ම විසින් නො දකියි, රූපවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන්අයුරු වෙයි. රූප විපරිණාම අන්යථාභාව හේතුයෙන් ඔහුගේ කර්මවිඥානය රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන්, තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි වැ ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන (දැඩි කොට නො ගැනීම්) හේතුයෙන් තැතිගැනුම් ඇත්තේ නො ද වෙයි, දුක් සහිත නො වෙයි, ආලය සහිත නො වෙයි, දැඩි කොට නො ගෙන නො ද පෙළෙන්නේ වේ.
වේදනාව ආත්ම විසින් නො දකියි, වේදනාවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව හෝ නො දකියි, වේදනායෙහි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ වේදනාව පෙරැළෙ යි, අන් අයුරු වෙයි, වේදනාවගේ පෙරැළීම් අන් අයුරුවීම් හේතුයෙන් ඔහුගේ කර්මවිඥානය වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි. වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇත්තේ වෙයි, දුක් ඇත්තේ නො වෙයි, ආලය ඇත්තේ නො වෙයි, දැඩි කොට ගෙන නො ද පෙළෙන්නේ වේ.
සංඥාව ආත්ම විසින් නො දකියි … සංස්කාර ආත්ම විසින් නො දකියි, සංස්කාරවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ පෙරැළෙති, අන් අයුරු වෙත්. සංස්කාරයන්ගේ