8. 1. 11.
සිගාල සූත්රය
393. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළුයම්හි හඬන සිවලකුගේ හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවල් තෙමේ උක්කණ්ටක නම් රෝගයෙන් පහස්නා ලද්දේ ය. හේ යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන යෙයි. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන සිටී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හිඳී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හොවී. සිහිල් වාතය ද ඔහු වෙත හමයි. (හේ මෙයිනුදු චිත්තාස්වාදයක් ලබයි.) මහණෙනි, යම් හෙයකින් මෙහි ‘ශාක්ය පුත්රයෙමියි ප්රතිඥා ඇති ඇතැමෙක් මෙබඳු වූ අත්බැව් පිළිලැබීමක් (චිත්තාස්වාදයක්) විඳිනේ නම් එය යහපත් වන්නේ ය. (මෙය දෙව්දත් සඳහා කියූ.)
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 12.
දුතිය සිගාල සූත්රය
394. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන සිවලෙකු හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, ඒ ජරසිවලා කෙරෙහි ද යම් කිසි කළ ගුණ දන්නා බවෙක් කළ ගුණ ප්රකට කරණ බවෙක් වන්නේ ම ය. මෙහි ශක්යපුත්රිය භාවය පිළිණ කරණ ඇතැමකු කෙරෙහි කිසි ම කළ ගුණ දන්නා බවෙක්, කල ගුණ ප්රකට කරණ බවෙක් නො වන්නේ ම ය. (මේද දෙව්දත් සඳහා කියු සේ ය.)
එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුතු: “කළ ගුණ දන්නමෝ කළ ගුණ ප්රකට කොට දන්නමෝ වන්නෙමු. අප කෙරෙහි මඳකුදු කරණ ලද්ද නහමක් නැසේවා (සිතින් තොර නොවේවා)”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
පළමුවන වර්ගය යි.
එහි උද්දානය:
කූට, නඛසිඛා, කුල, ඔක්ඛා, සත්ති, ධනුග්ගහ, ආණි, කලිඞ්ගර, නාග, බිළාල සූත්ර ය, සිගාල සූත්ර දෙක දැ යි සූත්ර දොළසෙකි යි.
ඕපම්මසංයුත්තය නිමියේ යි.